පක්ෂය ගොඩ ගන්න අගමැති වගකීම් පවරයි


(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු වල පූර්ණකාලීනව යෙදෙන ලෙස එජාප  මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාට අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

මීට අමතරව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම්වලදී ඊට  නායකත්වය  ලබාදීමටද නියමිතය.

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මේ උපදෙස් දී ඇත්තේ රට වැටී තිබෙන උග්‍ර අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා තමා සම්පූර්ණ කාලයම යොදවා තිබියදී පක්ෂයේ දේශපාලන කටයුතු ද ඉදිරියට පවත්වා ගෙන යාමේ ඇති වැදගත්කම පෙන්වා දෙමිනි.

අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස් අනුව එජාප මහලේකම් පාලිත රංග බණ්ඩාර මහතා ඉදිරියේ දී පක්ෂයේ සියලුම දේශපාලන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ  මූලස්ථානයේදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ පැවති හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර ඇත.