පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් හෙට


( සුජිත් හේවාජුලිගේ )

ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක්  අගමැති මහින්ද  රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට ( 19) පැවැත්වීමට නියමිතය.

ආන්දෝලනයට තුඩුදී ඇති  කොළඹ වරායේ නගර  ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ .

 මෙහෙදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන මාතෘකා අතර මැයි දින රැස්වීම් පැවැත්වීම හා පලාත් සභා මැතිවරණ පනත ද වෙතියි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීම අදාළ පනත් කෙටුම්පත  අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට  දැනටමත් ඉදිරිපත් කර ඇත.