පක්ෂ නායක රැස්වීමට පක්ෂ 10ක් නෑ


(අජන්ත කුමාර අගලකඩ)

පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා අරලියගහ මන්දිරයෙ අද පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ  පක්ෂ නායක රැස්වීම පක්ෂනායකයන් කීහිප දෙනකු විසින් වර්ජනය කරනු ලැබ ඇතැයි වාර්තා වෙයි.

ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය පී.වීරසිංහ, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහා චාර්ය තිස්ස විතාරණ, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම්. අබ්දුල්ලා, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් කිප දෙනකු මෙම සාකච්ඡාවට සහභාගී නැත.