(යොහාන් භාසුර)
මෙරට උද්ධමනය ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මස සියයට -1.7 ක් දක්වා සහ ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 0.0 ක් දක්වා අඩුවී ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කරයි.
මෙරට උද්ධමනය ඔක්තෝබර් මස සියයට -0.7 ක්ව පැවැති බවත් ඔක්තෝබර් මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 1.3 ක පැවැති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ඔක්තෝබර් මාසයේ සියයට -2.3 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට -3.1 ක් දක්වා අඩුවී ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.