නූලෙන් මඟ හැරුණු යාංගල් මෝදර අනතුර


(ධර්මසිරි රණසිංහ)

යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී සිදුවන්නට ගිය මාරාන්තික අනතුරක් වළක්වාගැනීමට  දුම්රිය ගේට්ටුකරු සහ සහායක ගේට්ටුකරුගේ දක්ෂතාවමය මත වළක්වා ගැනීමට සමත් වූහ.

යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගය ඔස්සේ කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල  දෙසට ගමන් කරමින් තිබූ බහාලුකමක් රැගත් ප්‍රයිම් මුවර් රථයක් දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ගමන් කරද්දී මහනුවර සිට කොළඹ බලාධා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී  දුම්රිය ඒ ආසන්නයට ළඟවෙමින් තිබිණි.

ඒ සමගම ක්‍රියාත්මක වූ දුම්රිය ගේට්ටුකරු අනතුරු අඟවන සංඥ කොඩියද රැගෙන දුම්රිය එන මගට ගොස් අනතුරක් බවට සංඥකර ඇති අතර එම සංඥාවට අනුව දුම්රියේ වේගය අඩුකර ඇත. ඒ අතර තුර සාහායක දුම්රිය ගේට්ටුකරු මාර්ගය හරහා නතර වී තිබූ රථය ඉන් ඉවතට ගැනීමට එහි රියැදුරට සහාය වීම නිසා සිදුවන්නට ගිය මහා අනතුරක් වැළකී ගියේය.