(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය- හැටන් මාර්ගයට කොටගල නගරය ආසන්නයේ දී ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය අද (19) එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙන බව පොලිසිය පවසයි.
මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කරනු ලබන රියදුරන් රථවාහන පැදවීමේදී අවධානයෙන් හා පරික්ෂාවෙන් යුතුව රිය ධාවනය කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීම්, ගල් පෙරළීම්, පස් කඳු කඩා වැටීම් මෙන්ම මාර්ගයන් ලිස්සායාම් හා දැඩි මීදුම් තත්ත්වයන් පිළිබඳව රියදුරන් දැඩි ලෙස සැළකිලිමත් විය යුතු බවද පොලීසිය පවසයි.


