නුවර - ඇල්ලට හෙට සිට දුම්රියක්


(මහින්ද නිශ්ශංක)
 
මහනුවර - ඇල්ල දුම්රිය ස්ථාන අතර සති අන්තයේ ධාවනය වන දුම්රිය හෙට (10) සිට ලබන 14 දා දක්වා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

හෙට (10) සිට 14 දා දක්වා යෙදී ඇති දිර්ඝ සතිඅන්ත නිවාඩුව වෙනුවෙන් මගීන්ගේ පහසුව සඳහා මෙම සතිඅන්ත දුම්රිය 14 දා දක්වා ධාවනය කරන බව නියෝජ්‍ය වාණිජ අධිකාරි ඩබ්ලිව්.ඩී.රංජිත් පත්මලාල් මහතා පැවසීය.