නීතී විරෝධි දුම්වැටි තොගයක් විනාශ කරයි


(ටී.කේ.ජී.කපිල )

ඩුබායි සිට බහාලුමක බහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබූ රුපියල් මිලියන 748 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කොළඹ දුම්කොළ සමාගම් පරිශ්‍රයේ පිහිටි " නීතිවිරෝධී දුම්වැටි විනාශ කිරීමේ මධ්‍යස්ථානයේ " ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින්  විනාශ කිරීමට පියවර ගෙන තිබේ .

 2022 ජුනි මස මෙම බහාලුම අත් අඩංගුවට ගෙන තිබූ අතර , එහි නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 947,000 ක් තිබී රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

මෙම දුම්වැටි තොගය කොළඹ වරාය රේගුවෙන් නිදහස් වූවා නම් , ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 695 ක තීරු බදු ආදායමක් අහිමි වීමට අවස්ථාව තිබුණි .