නීතිවිරෝධීව ගෙනා දුම්වැටි 10,800ක් කටුනායකදී අල්ලයි


(ටී.කේ.ජී.කපිල)
 
ඩුබායි සිට නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට දුම්වැටි 10,800ක් ගෙන ආ ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අද(17) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කිලිනොච්චිය, පරන්තරන් පදිංචි 26 හැවිරිදි අයෙකි.

ඩුබායි සිට පැමිණි ගල්ෆ් එයා ගුවන් සේවයේ ජී9-0507 දරන ගුවන් යානයෙන් ඔහු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි තිබුණි.සැකකරු ගෙන ආ ගමන් මලුවල රුපියල් 650,000 ක් වටිනා දුම්වැටි සගවා ගෙන තිබුණි . 
 
මෙම දුම්වැටි තොගය භාරදීමට තවත් පුද්ගලයෙකු පැමිණෙන තුරු ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ රැදී සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත් අඩංගුවටගෙන ඇත.
 
 මෙම ගුවන් මගියා සහ දුම්වැටි තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.