( රොමේෂ් මධුෂංඛ)
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් තිදෙනෙකු යාපනය පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේදී සිදු කරන ලද සෝදිසි මුර සංචාරයන් අතරතුරදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි ධීවරයින් තිදෙනෙකු ධීවර යාත්‍රාවක් සහ අල්ලන ලද මුහුදු 4010 ක් සමඟ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා යොදාගත් උපකරණද නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගනු ලැබූ ධීවරයින් පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19 , 21 සහ 23 යන වයස්හි පසුවන අතර ඔවුන් වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.