නීති නොතකා පළාත් අතර යාමට සැරසුණ වාහන ආපසු හරවයි


(රංජිත් රාජපක්ෂ)

අන්තර්පලාත් අතර ධාවනය කිරිමට පැමිණි රථ වාහන ගණනාවක් ආපසු හරවා යැවිමට ගිනිගත්හේන කළුගල පොලිස් මාර්ග බාධ‍කයේ නිලධාරි අද  (14) දින කටයුතු කළේය.

ගිනිගත්හේන කළුගල පොලිස් මාර්ග බාධකය හරහා අත්‍යවශ්‍ය සේවා වාහන වලට සහ අත්‍යවශ්‍ය රාජකාරි සදහා පුද්ගලයන් ගමන් ගන්නා වාහන වලට පලාත් මායිම හරහා ගමන් කිරිමට අවසර ලබාදුන් අතර , එසේ අවසර නොලත් වාහන ගණනාවක් පලාත් මායිම හරහා යාමට පැමිණ වාහන කිහිපයක් ආපසු හරවා  යැවිය.

පලාත් මායිම් අතර පොලිස් මුරපොලවල් සදහා අද (14) රාජකාරියට අමතර පොලිස් නිලධාරින් ගණනාවක් එක්කර ඇත.