(සිතුම් චතුරංග)
සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදිමින් විවාහ මංගල්‍ය උත්සවයක් පැවැත්වූ වවුනියාව නගරයේ ප්‍රසිද්ධ හෝටලයකට මුද්‍ර තැබූ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීකෂකවරුන් පවසයි.
මන්නාරම සහ වවුනියාව ප්‍රදේශයේ තරුණියක හා තරුණයකු විවාහ වීම සඳහා 15 දෙනකුගෙන් යුත් පිරිසකට සෞඛ්‍ය අංශ විසින් අවසර ලබාදී ඇති අතර හොටෙල් කළමනාකරු එම විවාහය උත්සවයට පුද්ගලයන් 50 කට අධික පිරිසකට සහභාගීවීමට ඉඩ සලස්වා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
සෞඛ්‍ය මාර්ගෝපදේශ හා නිරෝධායන නීති උල්ලංගණය කිරීම හේතුවෙන් හෝටලය හා උත්සව ශාලාව නැවත දැණුම් දෙනතුරු මුද්‍රා තැබීමට පියවරගත් බවද සඳහන් කළේය.

