නිව්යෝක් ශ්‍රීලනිප ශාඛා සභාපති ඉල්ලා අස්වෙයි


සුමතිපාල දීයගහගේ

පුරා වසර 45 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අැමෙරිකාවේ නිව්යෝක් ශාඛාවේ සභාපති තනතුර දැරු තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව අධිකරණ ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාට දුරකතනයෙන් දැන්වූ විට එම අස්වීම පිළිගත් නමුත්බ ඉල්ලා අස්වීමට හේතුව නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් නොවිමසිම පිළිබද කනගාටුවට පත්වන බවද නන්ද රණසිංහ මහතා පැවසිය.

සෞඛ්‍ය හේතුන් මත නන්ද රණසිංහ මහතා එම තනතුරින් ඉල්ලා අස්වූ බවද රණසිංහ මහතා සදහන් කළේය.

මේ පිළිබද වැඩිදුරටත්අද (15) තම නිවසේ සිට අදහස් දැක්වු නන්ද රණසිංහ මහතා මෙසේද පැවසිය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටින විට මම 1975 දී ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති
කාර්යාලයේ සේවයට ගියා. එවකට ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙස ෂර්ලි අමරසිංහ මහතා කටයුතු කළා. එතුමාගේ කාර්ය මණ්ඩලයේ මම කටයුතු කළා. අමරසිංහ මහතාගේ තානාපති සේවය අවසන්වු පසුව මම නිව්යෝක් නගරයේ පෞද්ගලික සමාගමක රැකියාවක් ලබා ගත්තා.

මේ කාලයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනි ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කටයුතු කළා. එතුමියගේ
ඉල්ලීම අනුව 1975 දී මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිව්යෝක් ශාඛාවේ සභාපති තනතුරට පත් වුනා.

ඊටපසුව පක්ෂය වෙනුවෙන් මම කළ හැකි දේ උපරිම මට්ටමින් කළා. පසුව පක්ෂයේ සභාපතිවරයාවූ මහින්ද රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් ඇතුලු පක්ෂයේ ප්‍රබලයින් රැසක් නිව්යෝක් නගරයට පැමිණි විට ඔවුන් පිළිගනු ලැබුවේ මම විසින්. පක්ෂයේ රැස්විම් පැවැත්විමට නිව්යෝක් නගරයේ සියලු පහසුකම් මම ලබා දුන්නා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුලු පක්ෂයේ නායකයින් මේ බව හොදට දන්නවා.

මම අසනීපවූ නිසා නිව්යෝක් නගරයේ සිටආපසු මව්බිමට පැමිණ අහංගම පිහිටි මගේ නිවසේ නතර වුනා. නමුත් මම පක්ෂය වෙනුවෙන් කළ යුතු කටයුතු නොපිරි හෙලා ඉටු කළා.

තව දුරටත් නිව්යෝක් ශ්‍රී ල නි ප ශාඛාවේ සභාපති තනතුර දැරිම සුදුසු නොවන නිසා එම තනතුරින් ඉල්ලා අස්විමට තීරනය කළා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිව්යෝක් ශාඛාව භාරව සිටි අධිකරණ ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතාට දුරකතනයෙන් කතා කර මම නිව්යෝක් ශාඛාවේ සභාපති තනතුරින් ඉල්ලා අස්වන බව කීවා.