නිවහල් පෙරමුණ වැඩ අරඹයි


(උපුල් හේරත්)

"අභිනව නිවහල් පෙරමුනේ" සමාරමිභක උත්සවය  අනුරාධපුර ඵෙතිහාසික රැවන්වැලි සෑය ඉදිරිපිට ආශිර්වාද පුජා පවත්වමින්, දැවැන්ත ධජයක් යන්තුනුශාරයෙන් ඔසවා එහි සියළු වැඩ කටයුතූ ආරම්භ කළේය .

ඓතිහාසික රුවන්වැලි මහා සෑය ඉදිරිපිටට පැමිණි අනුරාධපුර ගලෙන්බිඳුනුවැව පදවිය ශ්‍රී පුර කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචි දෙසියකට ආසන්න ප්‍රමාණයක් ඊට සහභාගී වූහ.

අභිනව නිවහල් පෙරමුණේ වර්තමාන නායක ආචාර්ය කපිල සපුමල් බංඩාර පැමිණිමුල්ල, සභාපති ආචාර්ය අජිත් කොලොන්න ,ජාතික සංවිධායක ලාල් කුමාර,නියෝජ්‍ය ලේකම් සමන් නාහල්ල ,උප ලේකම් එචි.එමි. කීර්තිරත්න බණ්ඩාර ,භාණ්ඩාගාරික කේ ඒ ජනක් ගඟනාථ ගුණරත්න ,ප්‍රවර්ධන සභාපති රුවන් අනුරුද්ධ යන මහත්වරු සමඟ ගෞරවනීය අනුශාසකත්වය ලබා දෙනු ලැබූයේ  පාගොඩ ජන්තවංශ හිමියන් විසිනි .

ආචාර්ය අජිත් කොලොන්න ,ලාල් කුමාර ,කීර්තිරත්න බණ්ඩාර යන මහත්වරු  කෙටි දේශන පැවැත්වූහ .