නිවසක් මතට ගසක් කඩාවැටී මව-පුතා රෝහලේ


(පාලිත ආරියවංශ )

බදුල්ල කැන්දගොල්ල නිවසක් මතට ඊයේ  මැදියම් රැයේ රූස්ස  ටර්පන් ටයින් ගසක්  කඩාවැටී  නිවසේ නිදාසිටි මව සහ පුතා තුවාල ලබා බදුල්ල සහ කැන්දගොල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ .

නිවසට  බරපතල හානියක් සිදුව  ඇති අතර මව සහ පුතාගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචිමාර්ග කියයි

කඩැවැටී තිබෙන්නේ යාබද ඉඩමේ තිබූ ගසකි