නිල්වලා ගඟ පිටාර මට්ටමේ


 (එස්. ඩී.කොඩිකාර)

නිල්වලා ගඟේ ජල මට්ටම අද(29)  පිටාර මට්ටමට පැමිණ තිබූ අතර පහත් බිම් ජලයෙන් යටවෙමින් පවතින බව ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය සඳහන් කරයි.

නිල්වලා ගඟේ ජල මට්ටම මීටර් 6.42 මට්ටමේ පැවති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

අධික වර්ෂාව හේතුවෙන් අකුරැස්ස කඹුරුපිටිය මාර්ගය, අකුරැස්ස කද්දුව මාර්ගය සහ සියඹලාගොඩ පිටබැද්දර මාර්ගය ජලයෙන් යටවී තිබේ.

එම මාර්ගවල වාහන ගමනාගමනය ඇනහිට තිබූ බව අකුරැස්ස පොලිසිය කියයි.

ගංවතුර තත්ත්වයක් පැමිණියහොත් බෝට්ටු සහ  අදාළ නිලධාරීන් සූදානම් කර සිටින බව ද  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

 

(අකුරැස්ස පානදුගම ප්‍රදේශය ජලයෙන් යට වී ඇති අයුරු)