නිල ඡන්ද පත්‍රිකා බෙදා දීම 11 වැනිදා සිට අරඹයි


 ( ජයන්ත සමරකෝන්)
 
එළැඹෙන මහ මැතිවරණයට අදාළව  නිල ඡන්ද දැන්වීම්  පත්‍රිකා පවුල් ලක්ෂ 62  කට බෙදා දීම 11 වැනිදා සිට අරඹන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
 
එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා  නිවසේ හිමිකරුවන් අතටම ලබා දීමේ විශේෂ දින දෙකක්  මෙමස 19 සහ26 වැනි ඉරිදා වෙන් කර ඇතැයිද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා එසැණට පැවසීය.
 
මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා කට්ටල සහතික කිරීමේ නිලධාරීන් වෙත බෙදා දීම මේ වන විට ආරම්භ කර ඇතැයිද ඒ මහතා කීය.