නිරෝධායනය කැඩූ 19000කට නඩු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 947 ඉකුත් පැය 24ක  කාලය තුල දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයේනි. එම පුද්ගලයන් 163 කි ,ඒ වගේම කුලියාපිටිය ප්‍රදේශයේන් 88 සහ නිකවැරටිය ප්‍රදේශයෙන් පුද්ගලයන් තිබෙනවා මීට අමතරව 73 අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා

ඉකුත් ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන් 21087 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද.,මේ වන විට 19000 කට නඩු පවරා ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය