(කේ බුද්ධික කුමාරසිරි)
විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයින් නිරෝධායනයට හංවැල්ල ඉහළ හංවැල්ල ප‍්‍රදේශයේ පිහිටි කාමර 15 කින් සමන්විත තම නිවාඩු නිකේතනය නොමිලයේම ලබා දීමට හංවැල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන එච්.ඩී.ආර්. ප්‍රියන්ත මහතා කැමැත්ත පළ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම නිරෝධායනයට ලක්වන පිරිස් වෙත අවශ්‍ය ආහාර පාන ඇතුළු සියළු පහසුකම් ලබා දීමට ඔහු එකඟ වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කළ දැනුම්දීමට අනුව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා ප‍්‍රමුඛ නිලධාරීන් එම ස්ථානය නිරෝධායනය සදහා ලබා ගත හැකි ද යන්න පිළිබඳව මූලික පරීක්ෂණයක් සිදු කළ බවද එම අමාත්‍යාංශය පවසයි.
නිවාඩු නිකේතනයෙහි එක් එක් කාමර සඳහා වැසිකිලි සහ ස්නාන පහසුකම් සමගින් සියළු පහසුකම් වලින් සමන්විත අතර උත්සව සඳහා භාවිතා කළ පරිශ‍්‍රයේ ද තවත් කාමර ගණනාවක් ඉදිකර පරිහරණය සඳහා භාවිතා කළ හැකි බවද මූලික පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා මහතා මෙසේ පැවසීය.
ව්‍යාපාරික පි‍්‍රයන්ත මහතාගේ දැනුම්දීමට අනුව අපි මූලික පරීක්ෂණ කටයුතු සඳහා අද දින එහි ගියා.ඇත්තෙන්ම මෙය මහා සත් කි‍්‍රයාවක් මේ ආකාරයෙන් ස්වෙච්චාවෙන්ම ඉදිරිපත් වෙලා තම ධනය හා දේපල පරිත්‍යාග කරමින් ශී‍්‍ර ලාංකීය ජනතාව කොවිඩි 19 රෝගයෙන් බේරා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමිය හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන් වෙනුවෙන් ස්තූතිය පුද කරනවා.
එහිදී අදහස් පළ කළ ව්‍යාපාරිකයකු වන එච්.ඩි.ආර්. පි‍්‍රයන්ත මහතා මෙසේ කීය.
‘මම ගැන හිතන්න ගත්තේ හැදල ලාදුරු රෝහල අසල සිදු වූ සිද්ධියත් සමඟ අපි ඒ තත්වයට වැටෙන්න හොද නෑ. අපි ශී‍්‍ර ලාංකිකයෝ කියන්නේ හොදට ආගන්තුක සත්කාර දන්න රටක් අපේම සහෝදරයෝ තමන්ගේ මව්බිමට එනකොට අපි ආදරයෙන් ඒ අයව බලා ගන්න ඕනෑ. ඒ ගැන හිතලා මගේ මේ නිවාඩු නිකේතනය නිරෝධායන කටයුතු සදහා ලබා දීමටත් ඒ අයගේ ආහාර පාන ඇතුළු සියලු පහසුකම් ලබා දීමටත් මම තීරණය කළා.’



