(විශ්ව ගැමුණු ප්‍රියංකර)
නිරෝධායන නීති කඩ නොකරන්නැයි උපදෙස් දිමට ගිය එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දීම නිසා තුවාල ලබා මීගහතැන්න රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ වලල්ලාවිට ප්‍රාදේහිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකි.
කොවිඩ් වයිරසය ආසාධනය වීම නිසා නිරෝධායනය කළ නිවෙසක එක් පුද්ගලයකු නිරෝධායන නීති උල්ලංඝනය කළ අවස්ථාවේදි ඊට විරුද්ධ වූ මන්ත්‍රිවරයා මෙම පහරදීම සිදු කර ඇත.
පහර දුන් පුද්ගලයා නිරෝධායන කාලය නිමා වීමෙන් පසු අත් අඩංගුවට ගන්නා බව පොලීසිය කියයි.

