නිරෝධායන නීති උල්ලංගණය කරමින් කටුගස්තොට රණවන පාරේ ළමයින් 50ක් පමණ නේවාසිකව තබාගත් දේශන පැවැත් වූ අධ්‍යාපන අයාතනයක දින 14කට මුද්‍රා තැබීමට සෞඛ්‍ය අංශ අද තීරණය කළේය.
එහි සිටි වයස අවුරුදු 17 - 19 අතර පසුවන ගැහැණු පිරිසි දෙපක්ෂයේ ම දරුවන් එම ආයතනය තුළ නිරෝධායනය කිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගත්තේය.
අපොස සාමාන්‍ය පෙළ අසමත් වූ මෙම සිසුනට ඔන්ලයින් හරහා අධ්‍යාපනය ලබා දී ඇතැයි ද සෞඛ්‍ය අංශ කියයි.
මවුපියන්ගේ අවසරයෙන් මෙම දරුවන් එම ආයතනයට එවා ඇතැයි ද දැනගන්නට ඇත.

