නිරෝධානය කාලය දින හතකට අඩුවෙයි


( සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් එන්නත ලබානොගෙන  විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිනෙන පුද්ගලයින් හෝටල්වල නිරෝධායනය විය යුතු දින 14 ක කාලය දින හතක් දක්වා අඩු කිරීමට සෞඛ්‍ය ප්‍රධානීන් තීරණය කර තිබේ.
එන්නත ලබානොගෙන විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයින්  ශ්‍රී ලංකාවට පැමිණ පී සී ආර් පරීක්ෂණයට යොමු විය යුතු වන අතර  ඉන් අනතුරුව නිරෝධායනයට යොමු වි හත්වැනි දිනයේදී පී සී ආර්  පරීක්ෂණයකට යොමු වියයුතුව ඇත.
එම පී සී ආර් පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් වයිරසය අසාදිත වී නැතැයි තහවුරු වූවහොත් නිරෝධායනය අවසන් කර දින හතකින් තම නිවෙස්වලට යෑමට අවස්ථාව හිමිවන බව සෞඛ්‍ය  බලධාරීහු පවසති.
නිවෙස්වලට පැමිණිමෙන්ද අනතුරුව ඒ පිළීබඳව සෞඛ්‍ය අංශයන්ට දැනුම් දී නිවෙස්වල දින හතක් නිරෝධායනය විය යුතුය.
 විදේශ රටවල සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන්  සෞඛ්‍ය නීතී මාලාවක්  අද(18)  සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශයට පත් කළේය.  මෙම තොරතුරු සඳහන් වනේ එම නීතී මාලාවේය.