(ඩයනා උදයංගනී)
නිරිත දිග මෝසම් තත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී ප්‍රදේශ රැසකට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත්තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. උතුරු සහ උතුරුමැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්වයක් වර්ධනය වෙමින් පවතින අතර එය පීඩන අවපාතයක් බවට පත්ව හෙට (24) දිනය වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව ද ඔහු කීවේය.
ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයෙහි නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම්දීමක් කරයි.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40, 50 පමණ වේගවත් සුළං ඇතිවිය හැකි බව දඔහු පැවසීය.

