නියඟයෙන් කුඩා වැව් දහදාහක් සිඳෙයි


(අංජුල මහික වීරරත්න)

නියඟය තත්ත්වය නිසා මේ වනවිට දිවයිනේ වැව් 10,000කට වැඩි ප්‍රමාණයක් මුලුමනින්ම සිඳී ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

සියලුම ප්‍රධාන ජලාශවල ජල මට්ටම ද සියයට 35-40 දක්වා අඩු වී ඇති බවද අමාත්‍යවරයා කීය. 

සිදී ගොස් ඇති වැව් මහ කන්නයේ වැසිවලට  පෙර ප්‍රතිසංස්කරණය කිරීම වනවිට ආරම්භ කර ඇති බව කී අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලැබී ඇති ප්‍රතිපාදන අනුව එම කටයුතු කරන බව පැවසීය. 

පවතින එල් නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් ලබන මහ කන්නයේ  හොඳ වර්ෂාතපනයක් ලැබෙතියි අනුමාන කරන අතරම ඊළඟ යල කන්නය නැවතත් වියළි කාලගුණික තත්ත්වයක් පැමිණිය හැකි යැයි කාලගුණ අංශ කෘෂිකර්ම අමාත්‍යාංශයට අවධාරණය කර තිබේ.

එම නිසා මාස් මෝසමට පෙර මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම මගින් වැඩි ජල ප්‍රමාණයක් රැස් කර තබා ගැනීම මගින් ගොවි ගැටළු විසඳීමට  හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.