(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධූරයේ කටයුතු කළ සමයේ දී ජපානයේ සමාගමකින් අල්ලසක් ලබාගත් බවට ඉල්ලවූ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබ සිටී.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය ගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවේ සෙසු සාමාජිකයන් සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ සහ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන එස්.එම්.ජී පෙරේරාය.
කමිටුවේ වාර්තාව ලබන 31 වෙනිදාට පෙර ජනාධිපතිවරයාට බාර දිය යුතුය.
චෝදනාව එල්ල වීමෙන් පසු පරීක්ෂණයකට අවස්ථාව ලබාදෙමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ අමාත්‍යධූරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.