නිමල් ලංසා රිමාන්ඩ්


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරියකු මෙන්ම  හිටපු ඇමතිවරයකු වන නිමල් ලන්සා සහ මීගමුව මහ නඟර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයකු ලබන මස 12 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.

මෙසේ රිමාන්ඩ් බාරයට පත් වූයේ වසර 18 කට පෙර සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය මගින් ඔවුන් අද (29) අත්අඩංගුවට ගත් පසුවය.