(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල පොලිස් වසමේ විතාරන්දෙනිය ගල් කන්ද පුරාණ විහාර භූමියේ නිධන් හාරමින් සිටි පිරිසක් එම ස්ථානයට පොලීසිය පැමිණීමත් සමඟ පලා ගොස් ඇතැයි තංගල්ල පොලීසිය පවසයි.
පලා ගිය පිරිස අතර චීවර ධාරියෙකුද සිටින බව පොලීසිය කියයි.
ගල්කන්ද පුරාණ විහාර භූමියේ සැක කටයුතු ලෙස පිරිසක් සැරිසරන බවට පොලීසියට තොරතුරක් ලැබී තිබූ අතර ඒ අනුව පොලීසිය අද (17) ගල්කන්ද පුරාණ විහාරයට ගොස් තිබේ.ඒ සමඟම නිදන් හැරීම සදහා ගෙනවිත් තිබූ උපකරණද දමා පිරිස පලා ගොස් තිබේ.
පලා ගිය පිරිස පැමිණි බවට සැක කෙරෙන වෑන් රථයක්, සමඟ ගල් විදින යන්ත්‍රයක් වයර් තොගයක් ,අලවංගුවක් සමඟ තවත් උපකරණ රැසක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
පලා ගිය පිරිස පිළිබඳ තොරතුරු පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනීම සදහා තංගල්ල පොලීසිය සෝදිසි මෙහෙයුම් ආරම්භකර තිබේ.