(ඉන්දිකා රාමනායක)
අවිස්සාවේල්ල නගරය ආසන්නයේ පිහිටි නිවසක් තුළ නිධන් හාරමින් සිටි පුද්ගලයන් පස් දෙනකු අද (28) අලූයම අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම නිවස තුළ පිරිසක් නිධන් හාරන බවට විශේෂ කාර්ය බළකාය වෙත ලැබුණු තොරතුරක් මත විශේෂ භට කණඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම නිවසේ හිමිකරු හිටපු ගුරුවරයෙකු බවත් ඔහු විසින් පුද්ගලයන් පිරිසක් යොදා ඔහුගේ නිවස තුළ නිධන් හාරා ඇති බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන්, කඩුවෙල, කොස්ගම, හැටහැත්ත, අවිස්සාවේල්ල, යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බළකාය පවසයි.

