නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ස්වාධින වන බව හිටපු ජනපති කියයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විසිවන සංශෝධනය අහෝසි කොට දහනවවන සංශෝධනය සංශෝධන සහිතව බලාත්මක කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය .