නිතී විරෝධි බීඩි කොළ සමඟ 13ක් අල්ලයි


(එස් .හේරත්)

තීරු බදු රහිතව මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ බීඩි කොළ කිලෝ 1917 ක් සමඟ සැකකරුවන් 13  දෙනෙක් හලාවත කොට්ඨාස විස මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(02) රාත්‍රියේ හලාවත බණ්ඩාරවත්ත කලපු ප්‍රදේශයේදී මෙම බීඩි කොළ තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව හලාවත කොට්ඨාශ විස  මත්ද්‍රව්‍ය නාශක අංශය පවසයි.

හලාවත කොට්ඨාශය විස මත්ද්‍රව්‍ය විනාශක අංශයට ලැබුණ තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදුකරනු ලැබූ අවස්ථාවේදී නීති විරෝධී බීඩි කොල තොගය ලොරි රථ දෙකකට පටවමින් සිට ඇති බවද පොලිසිය පවසයි.

පොලිසිය පවසන අන්දමට කිලෝ 1917 කින් යුත් බීඩි කොළ තොගය ආරක්ෂිත ලෙස පොලිතින් උර 62 ක අසුරා තිබී ඇත. 

මෙම බීඩි කොළ තොගය ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධී ලෙස මුහුදු මගින් ගෙන එන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි. මෙසේ අත්අඩංගුවට ගන්නා ලද බීඩි කොළ තොගයේ වටිනාකම මෙතෙක් ගණනය කර නැත.