(අමදෝරු අමරජීව)
පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමේදී මුරකරුවන් නොමැති පාසල්වල පාසල් සංවර්ධන කමිටුවල සහය ලබාගෙන පාසල් ආරම්භ කිරීමට පෙර දිනපතා සෝදිසියකට ලක් කිරීමට කටයුතු කරන්නැයි නැගෙනහිර පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන එම තත්වය සමනය වන තෙක් මෙම ආරක්ෂක ක්‍රියාවලිය සිදුකිරීම විදුහල්පතිවරුන්ගේ වගකීමක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පළාත් අධ්‍යාපන ලේකම් අයි.කේ.ජි.මුතු බණ්ඩා මහතා පැවසීය.
මෙම පරීක්ෂාකිරීම්වලදී ළඟම ඇති පොලිසියේ සහය ලබාගැනීම කෙරෙහි ද චක්‍රලේඛයෙන් අවධානය යොමුකර තිබේ.
මෙම චක්‍රලේඛයට අමතරව පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යංශය ද චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි පළාත් අධ්‍යාපන ලේකම්වරයා කීය.
නැගෙනහිර පළාතේ පිහිටි අධ්‍යාපන කලාප 17 කට මෙම චක්‍රලේඛය පළාත් අධ්‍යාපන අංශය මගින් නිකුත් කර තිබේ.

