නැවේ ගින්නෙන් රැකියා අහිමි ධීවරයෝ විරෝධතාවක


(තුසිත කුමාර ද සිල්වා)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මාස 2 ක් ගත වුවද තමන්ට සාධාරණයක් ඉටුව නැතැයි පවසමින් බේරුවල කුඩා බෝට්ටු අංගනයේ ධීවරයෝ පිරිසක්  අද (20) පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ.

"නැව ගිලී  මාස දෙකයි බොරු එපා සියලු ධීවරයින්ට වහාම වන්දි ලබා දෙන දෙනු " යන මැයෙන් සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර , මේ සඳහා ධීවරයින් 30 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ .

"බලධාරීනී ධීවර රැකියා රැකියාව අනතුරේ" "බලධාරීනී තෙල් මිල වහා අඩු කරනු" යන මැයෙන් විරෝධතාපුවරු අතැතිව විරෝධතා පාඨ කියමින් විරෝධතාවයේ නියැලී සිටියහ.