
(ඩයනා උදයංගනී)
කොළඹ වරායේ සිට නාවික සැතපුම් 10ක් පමණ දුරින් ගිනි ගැනීමකට ලක්වූ 'එක්ස්ප්‍රස් පර්ල්" භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද දායක විය.
පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ වුවත් ගුවන් හමුදාව විසින් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් නෞකාවේ ගින්න හටගත් කොටසට වියලි රසායන ද්‍රව්‍ය කිලෝ 425ක් හෙලීමට ගුවන් හමුදාව කටයුතු කර ඇත.
සිංගප්පූරු ධජය යටතේ ධාවනය වන මෙම නෞකාවේ ගින්න හටගත්තේ ඊයේ (20) දහවල් කාලයේය.





