නැවේ ගින්න තරමක් පාලනය කරයි


(යොහාන් භාසුර)

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගනිමින් තිබෙන ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න තරමක් දුරට පාලනය වී ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

නෞකාවෙන් රතු පැහැ ගිනිදැල් ප‍්‍රදර්ශනය නොවන බවත් කළු පැහැ දුම පමණක් දැකිය හැකි බවත් නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

මේ අතර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඊයේ (27* පස්වරුවේ ටුවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබුණේ ගින්න පාලනය කර ඇති බවයි.

නෞකාවේ ගින්න පාලනය කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඒකාබද්ධ මෙහෙයුමක නිරත විය.