නැප්තා’ නැතුව කැලණිතිස්ස වැසෙයි


(යොහාන් භාසුර)

කැලණිතිස්ස විදුලි බලාගාරය ක්‍රියාත්මක කිරීමට සඳහා ‘නැප්තා’ නොමැතිවීම හේතුවෙන් අද (22) පෙරවරුවේ එම බලාගාරය අක්‍රීය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම බලාගාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ‘නැප්තා’ මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට මුදල් සොයාගැනීමට විදුලිබල මණ්ඩලය බලධාරීන් සාකච්ඡා කරමින් සිටින බව ද එම නිලධාරියා කීය.

කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 165 ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.