
(චමිල් රූපසිංහ)
ඓතිහාසින මහනුවර ඇසල පෙරහරේ දළඳා කරඬුව වැඩම කරවීම සඳහා ගම්පහ සිට මහනුවර බලා ගමන් ගන්නා නැදුන්ගමුවේ රාජා හස්තියා මධ්‍යම පළාතට ඇතුළුවන ගල විදපු ස්ථානයේදි මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය කර ආශිර්වාද කළහ.
ගණේතැන්න විහාරයේ විවේකිව ගත කළ නැදුන්ගමුවේ රාජා හස්තියා අද උදෑසන එම විහාරයෙන් පිටත් වු අතර පස්වරු 2.00 ට පමණ පහළ කඩුගන්නාව ප්‍රදේශයට ළඟා විමේදි එම ස්ථානයට මහා සංඝරත්නය වඩම්මවා පිරිත් සජ්ජායන කර ආශිර්වාද කළේය.
අද දිනයේදි පිළිමතලාව ඌරාපොල විහාරයේ නවාතැන් ගන්නා නැදුන්ගමුවේ හස්තියා හෙට දිනයේදි මහනුවර ශ්‍රී දළඳා මාළිගාවට පිවිසිමට නියමිතය.
නැදුන්ගමුවේ රාජා හස්තියාට ආශිර්වාද කිරම කඩුගන්නාව නගරසභාවේ සභාපති අමිල වේරගොඩ මහතා විසින් සංවිධානය කර තිබු අතර ඉලුක්වත්ත රන්දුන්න විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුලු ඌරාපොල මහා විහාරයේ පරණාගල විහාරයේ ස්වාමින් වහන්සේලා පිරිත් සජ්ජායනා කළහ.




