
(ඉන්දිකා රාමනායක)
ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී නව වාර්තාවක් පිහිටුවීමට විධාන කිමිදුම් නිලධාරි: නැගෙනහිර නාවික විධානය *කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ ඔහුගේ සහයක කිමිදුම් කරුලෙස කටයුතු කල බල නැවි: කිමිදුම් *ඩබ්.ඩබ්.එන්.පි සඳරුවන් පසුගියදා සමත් වූහ.
එවන් ගැඹුරකට කිමිදුන් ප්‍රථම පුද්ගලයන් වශයෙන් නාවික හමුදාව ඉතිහාසයට එක්විය.
මාස ගණනාවක් සිදු කළ ශාරීරික හා මානසික පෙර පුහුණුවීම් ගණනාවක අවසන් ප්‍රතිඵලයක් වශයෙන් මොවුන් මෙම වාර්තාව පිහිටුවීය.
වාර්තාගත කිමිදුම් අභ්‍යාසය නාවික හමුදා කිමිදුම් අංශය මෙන්ම නාවික හමුදාව ලද සුවිශාල ජයග්‍රහණයකි.
මීටර් 100ක් ගැඹුරු මුහුදේ කිමිදී තම හැකියාවන් ලොවට ගෙනහැර පෑම සඳහා මෙම කිමිදුම් කරුවන් ඉදිරියේ තව දුරටත් කැපවීමෙන් පුහුණු වී ඔවුන්ගේම වාර්තාව අලුත් කර මීට වඩා වැඩි ගැඹුරකට කිමිදි නාවික හමුදාවේ කීර්තිය ජාත්‍යන්තරයට ගෙන යන දිනය නුදුරේදීම උදාවනු ඇතැයි සැමගේ අපේක්ෂාව බව නාවික හමුදාව පවසයි.






