නාවික හමුදාව ගිං ගඟේ බාධක ඉවත් කරයි


(ඉන්දිකා රාමනායක)

ගිං ගඟේ වක්වැල්ල පාලමේ පැටලී තිබූ අපද්‍රව්‍ය නාවික හමුදා සාමාජිකයෝ ඉවත් කළහ. 

අධික වර්ෂාවත් සමග ගලා ආ ජල කඳ සමග විශාල ගස් උණ ගස් කුණු රොඩු පාලමේ පැටලිම නිසා ජලය ගලා යාමට ද බාධා එල්ල විය.

මේ සම්බන්ධයෙන් නිරන්තර අවදානයෙන් සිටින දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිිණ ආයතනයට අනුයුක්ත කිමිදුම් අංශයේ  මුදවා ගැනීම් සහන බලඝණයේ නාවි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව සිරවූ එම අපද්‍රව්‍ය ඉවත් කර ජලය ක්‍රමවත්ව බැස යාමට හැකි වන පරිදි සකස් කිරීමට කටයුතු කෙරිණි.