(නිමන්ති රණසිංහ)
12 වැනි ජාතික යුධ විරුවන් සැමරීමේ දිනයට සමගාමීව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදා නිලධාරීන් 64 දෙනකු සහ සෙසු නිලයන් 1904 දෙනකුට සහ ගුවන් හමුදාවේ නිලධාරින් 35 දෙනකුට උසස් වීම් ලබාදෙනු ලැබ තිබේ.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතියෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශෘන්ත උළුගේතැන්න සහ ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ යන මහත්වරුන්ගේ නිර්දේශය මත මෙම උසස්වීම් සියල්ල මැයි මස 19 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දී ඇත.
ඒ අනුව, නාවික හමුදාවේ කපිතාන් නිලයට නිලධාරීන් 04ක්, කොමාන්ඩර් නිලයට නිලධාරීන් 11ක්, ලුතිතන් කොමාන්ඩර් නිලයට නිලධාරීන් 27ක්, ලුතිතන් නිලයට එක් නිලධාරියකු සහ මාධ්‍ය නිලධාරී ලෙස නිලධාරීන් 21ක් වශයෙන් නිලධාරින් 64 දෙනකු සදහා මෙසේ උසස් වීම් ලබා දී තිබේ.
පාලක ප්‍රධාන සුළු නිලධාරී නිලයට ජ්‍යෙෂ්ඨ නාවිකයන් 109 දෙනකු, සමූහ ප්‍රධාන සුළු නිලධාරි නිලයට ජ්‍යෙෂ්ඨ නාවිකයන් 218 දෙනකු, සුළු නිලධාරී නිලයට ජ්‍යෙෂ්ඨ නාවිකයන් 421 දෙනකු, සුළු නිලධාරී නිලයට කණීෂ්ඨ නාවිකයන් 844 දෙනකු, නායක නැවි නිලයට කණීෂ්ඨ නිවාකියන් 55 දෙනකු, බල නැවි නිලයට කණීෂ්ඨ නාවිකයන් 193 දෙනකු සහ සාමාන්‍ය නැවි නිලයට කණීෂ්ඨ නාවිකයන් 64 දෙනකු වශයෙන් ජ්‍යෙෂ්ඨ සහ කණීෂ්ඨ කාවිකයන් 1904 දෙනකු එසේ උසස් වීම් ලැබ ඇත.

