
( රංජිත් රාජපක්ෂ )
නාවලපිටිය පුඩළුඔය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සහ විශාල ගල් පෙරලිමෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය අද (28) සිට ඇන හිට ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
එම මාර්ගයේ හරංගල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් සහ විශාල ගල් පෙරලි ඇති බවත්, පසුගිය දිනවල එම ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඒසේ සිදුව තිබේ.
මාර්ගයට කඩා වැටුණු පස් කන්ද , ගල් සහ ගස් ඉවත් කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර ඇති අතර , මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් එම මාර්ගයේ ධාවනය කරන වාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


