නාරම්මල ප්‍රා. සභා මන්ත්‍රී හෙට තෙක් රිමාන්ඩ්


(දිනේෂ් උපේන්ද්‍ර)                                                    

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් තරුණයකුට පහරදුන් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගෙන කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 3 වැනිදා  දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියම කළාය.

එසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ නාරම්මල ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු වන අරුණ නිශාන්ත නැමැති අයකු සමඟ ඔහුගේ සමීපතමයෙකි.

පහරකෑමෙන් තුවාල ලැබූ බව කියන තරුණයා මේ වනවිට කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවද අධිකරණයට පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කරන ලදී.