
(ජේ ඒ එල් ජයසිංහ)
තෙල්දෙණිය සහ උඩුදුම්බර නාය යාම් කීපයක් වාර්තා වී ඇති බවත් විශාල පිරිසක් ආපදාවට ලක්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාල තහවුරු කරයි
තෙල්දෙණිය පොද්දල්ගොඩ ප්‍රදේශයේ නාය යාමක් හේතුවෙන් නිවසකට අලාභ හානි සිදුව තිබේ. දේපල හානි වාර්තා වුුවත් ජිවිත හානි වාර්තා වී නැති බව රංගල පොලීසිය පවසයි.
තෙල්දෙණිය උඩිස්පත්තුව මාර්ගයේ ගස් කඩා වැටීම් විශාල ජල ගැලුම් හේතුවෙන් සහ කඳු කඩා වැටීමෙන් උඩිස්පත්තුව මාර්ගයේ වාහන ගමනා ගමනය අඩපණ වී තිබේ.
තෙල්දෙනිය වේරපිටිය මාර්ගය පස් කඳු කඩා වැටී වාහන ධාවනය මුළුමනින්ම අඩපණන වී තිබේ.
උඩුදුම්බර මඩුගල්ල ප්‍රදේශයේ පස්කඳු කඩා වැටී නායයෑමෙන් නිවාස දෙකකට අලාභහානි වී තිබෙන බව උඩදුම්බර පොලීසිය පවසයි.
තෙල්දෙනිය ප්‍රදේශයේ විදුලි රැහැන් මාර්ගයන්ට හානි සිදුවීමෙන් ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී තිබේ.
නායයෑම් අවදානම හේතුවෙන් මැද දුම්බර ( තෙල්දෙනිය ) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස කීපයක පදිංචි කරුවන් සිය නිවෙස් වලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානවලට ගොස් තිබේ. උඩදුම්බර ගංගොඩ ප්‍රදේශයේ නායයෑමක් හේතූවෙන් නිවාස 10 කට හානි සිදුව තිබේ.
උඩදුම්බර මහවල ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන්නිවාස දෙකකට හානි සිදුව තිබේ. උඩිස්පත්තුව මාර්ගයේ කතරගම දෙිවාලය අසල නායයෑමක් හේතුවෙන් මාර්ගය වැසී ගොස් බස් ධාවනය සහ සියලුම වාහන ධාවනය ඇණ හිට තිබේ.
උඩුදුම්බර ගංගොඩ ප්‍රදේශයේ නායාමට අසු වූ ස්ථානයෙන් එක් මළසිරුරක් සොයගෙන ඇති අතර ආපදාවට ලක්වූවන් බේරාගැනීමේ මෙහෙයුම්වලට වැස්ස හරස්වී ඇතැයි මහනුවර සහකාර පොලිස් අධිකාරි ජයන්ත සමරකෝන් මහතා පැවැසීය. අපදාවලට ලක් වූවන් බේරා ගැනීමේ මෙහෙයුම්වලට පොලිසිය, යුද හමුදාව ඇතුළු පිරිස් දැඩි වෙහෙසක් ගනී



