නාය අවදානමක් නිසා පිරිසක් ඉවත් කරයි


(සමිපත් ප්‍රියනන්දන)

බලංගොඩ පෙට්ටිගල ප්‍රදේශයේ නාය යැමෙි අවදානම් තත්වයක් හේතුවෙන් එහි පවුල් අටක සාමාජිකයන් 30 දෙනකු පෙට්ටි ගල විදුහලේ තාවකාලිකව නතර කිරිමට  කටයුතු කල බව බලංගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලය පවසයි.

ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමග පෙටිටිය ප්‍රදේශයේ නාය යැමෙිි ලක්ෂණ මතු විම හේතුවෙන් මෙම ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කල බව එම කාර්යාලයේ ආපදා අංශය පැවැසීය .

මෙි අතර පෙටිටිය මාර්ගයට එම නාය යැමෙිි ලක්ෂණ සමග විශාල ගලක් ද පෙරලීම හේතුවෙන් ගමනාගමනයට බාධා ඇතිව තිබෙි.

පෙටිටිගල විද්‍යාලයේ ආරක්ෂිතව නතර කර ඇති ජනතාව ජනතාව සදහා අවශ්‍ය වියලි ආහාර බලංගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා අංශ මගිින් ලබා දෙන බව ආපදා සහන සේවා නිළධාරි නිමල් ගණිතගේ මහතා පැවැසීය.