නාමල්ගේ නඩුවට දින දෙයි


(රොෂන් තුෂාර)

අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන් ආර් කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කලේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව පැමිණිල්ල  අගෝස්තු 07 වැනි දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනූජා ලක්මාලී මහත්මිය අද (13) නියම කළාය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා  ඇතුළු සැකකරුවන් අධිකරණය පෙනී සිටි අතර  විමර්ශන සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කර ඇතත් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය .

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නීතිපති උපදෙස් අගෝස්තු මස හත්වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කළාය.  එදින විමර්ශන  කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළාය. සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම, සුදර්ශ බංඩාර ගනේගොඩ, යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මිලියන 15 මුදලක්  සාපරාදී සාවද්‍ය පරණ හරණය කර මුදල්    විශුද්ධිකරණය කළ බව සඳහන් කරමින් 2015/7/28 දූෂණ විරෝධි හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර ඇත.