(ජේ.කේ.එල්.චාමින්ද)
රූමස්සල සුදුවැල්ල වෙරළ තිරයට ගොඩගසා තිබු පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (20) සොයාගත් බව හබරාදුව පොලිසිය පවසයි.
පුද්ගලයකුගේ මළ සිරුරක් සුදුවැල්ල වෙරළ තිරයට ගොඩගසා ඇති බවට අංක 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකයට ලැබුණු තොරතුරු අනුව සිරුර සොයා ගෙන ඇත.
මියගිය පුද්ගලයාගේ බවට සැකකරන කළු කලිසමක් හා නිල්පහැති කමිසයක් වෙරළ තිරය අසල ගලක් මත තිබියදි පොලිසිය මගින් සොයාගෙන ඇත.
එහි තිබු හැදුනම්පතේ කන්දයියා ජයකුමාර් නැමති නමක් සදහන්ව ඇති අතර ලිපිනය වශයෙන් අංකා 120,පල්ලියපාර,කොන්ඩාවිල් යාපනය වශයෙන් සටහන්ව ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා මොහු බවට පොලිසිය සැකකරයි. මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතුසදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එමට නියමිතව තිබු අතර හබරාදුව පොලිසිය පරික්ෂණ පවත්වයි.