
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර උතුර පල්ලිමුල්ලදී සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී ත්‍රි රෝද රථයකට කළ වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
යතුරුපැදියකින් පැමිණි දෙදනකු මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් ඇති අතර වෙඩිතැබීම සිදුවන අවස්තාවේදී ත්‍රිරෝද රියෙහි තිදෙනකු සිට ඇති බවත්, ඔවුන් ධීවරයින් බවත් පොලීසිය සඳහන් කරයි.
හිසට වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබු මෙම පුද්ගලයා පානදුර මූලික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙසේ මියගොස් ඇත්තේ වලාන ගැමුණු මාවතේ පදිංචි 32 හැවිරිදි ධීවර රැකියාවේ නියුතු වූ පුද්ගලයෙකි.
අද ( 25) උදෑසන මෙය සිදුව තිබේ. පානදුර උතුර පොලීසිය පරීක්ෂණ පවත්වයි. පොලිස් විශේෂ කාර්ය බළකායද එම ස්ථානයට කැඳවා තිබේ.
වෙඩිතැබීමට හේතුවක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා පරීක්ෂණ අඹා ඇතැයි පොලීසිය කියයි.

සිද්ධිය වූ ස්ථානයේ ඡායාරූප



සිද්ධිය වූ ස්ථානයේ සී සී ටි වී දර්ශන

