නාට්‍ය කරන්න ගිය සිසුවාට පහරදීලා


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නාට්‍ය පුහුණුවීම් සඳහා ගිය 17 හැවිරිදි පාසල් සිසුවකුට සිසුන් පිරිසක් පහරදී ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි. 

පහර දුන් බව කියන සිසුන් පිරිස සොයා පොලිසිය පරීක්ෂණයක්  ආරම්භ කර ඇත.

පහරකෑමට ලක්වූ වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන ලබන ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මෙම සිසුවා නාට්‍ය පුහුණුවීම් සඳහා ගොස් එම පුහුණුවෙන් අවසන් කර වදුරව දුම්රිය ස්ථානය අසල සිටිය දී පහර කෑමට ලක් වී ඇතැයි පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා  මේ බව වේයන්ගොඩ පොලිසියට  පැමිණිලි කර තිබේ.

සිසුවාට පහර දුන් බව කියන සිසුන්, පහර කෑමට ලක් වූ සිසුවා ඉගෙනුම ලබන පාසලේම දොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන අය බව කියති.