
(අංජුල මහික වීරරත්න)
යාපනය දිස්ත්‍රික්කයේ කයිට්ස් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරිකට්ටුවාන් ජැටිය යළි ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නයිනති වූ (නාගදීපය) සහ ඩෙෆ්ට් (නෙන්තිවු) යන දූපත් ද්විත්වයටම යාපන අර්ධද්වීපය සම්බන්ධ කරන ප්‍රධාන සමුද්‍රීය ප්‍රවේශ ස්ථානයක් වශයෙන් කුරිකට්ටුවාන් ජැටිය භාවිත කරනු ලබයි. මෙම පැටිය මඟින් එකී දූපත් වලට ගමන් කරන මගී සහ භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවාවන් සඳහා පහසුකම් සැපයෙන අතර, සමාජයීය, ආගමික, ආර්ථීක සහ පරිපාලන කටයුතු ආදී වශයෙන් පුළුල් පරාසයක මෙහෙවරක් සිදු කෙරේ. දැනට පවතින පැටිය දිගු කලක් තිස්සේ සාගරික තත්ත්වයන්ට නිරාවරණය වීම සහ මහා පරිමාණ ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම හේතුවෙන් විශාල වශයෙන් ව්‍යුහාත්මක හානි වලට බඳුන් වී තිබේ. ප්‍රවාහනය, ආගමික සංචරණය සහ ප්‍රාදේශීය සංවර්ධනය කෙරෙහි පැටියෙහි ඇති වැදගත්කම හඳුනා ගනිමින් මධ්‍ය කාලීන අයවැය රාමුව යටතේ කුරිකට්ටුවාන් ජැටිය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

