නා උයනේ අනතුර ගැන රනිලුත් දුක් වෙයි


(අංජුල මහික වීරරත්න)

මැල්සිරිපුර පන්සිය ගම නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වී වදාළ දෙස්-විදෙස් භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වික්‍රමසිංහ මහතා මෙසේද කියයි.

අනතුරින් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන භික්‍ෂූන් වහන්සේලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.

සසර දුක කෙළවර කරගැනීම උදෙසා වනගතව බවුන් වැඩූ උන්වහන්සේලා නික්ම ගියේ බුදුන් වහන්සේ දේශනා කරන ලද අනිත්‍ය දහම පසක් කර දෙමිනි. 

උන්වහන්සේලා පැතූ නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.