නා උයන ආරණ්‍යයේ ඛේදවාචකය ගැන මහින්ද දුක් වෙයි


(අංජුල මහික වීරරත්න)

මැල්සිරිපුර පන්සියගම නා උයන ආරණ්‍ය සේනාසනයෙහි ශෝකජනක සිදුවීම අසා ඉතා කනගාටුවට පත් වූ  බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසයි.

"එම අනපේක්ෂිත අනතුරින් අපවත් වී වදාල දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා පිළිබඳව මගේ බලවත් සංවේගය ප්‍රකාශ කරමි. විදෙස් භික්ෂූන් වහන්ස්ලා නියෝජනය කරනූ ලබන ඉන්දියාව, රුසියාව සහ රුමේනියාව යන රාජ්‍යන්ට මාගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමි.

හරිත සන්සුන් පරිසරයක අධ්‍යාත්මික අරමුණු මුදුන් පත්කර ගැනීම සඳහා කමටහන් වඩමින් භාවනා කටයුතු වල නිරත වූ අපවත්වී වදාළ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා තැබූ සටහනේ සඳහන් වේ.